විදුහල්පති පණිවිඩය
මාර/ගන්දර මහ විදුහල

මාර /ගන්දර මහා විද්‍යාලීය වෙබ් අඩවිය සඳහා ඵහි විදුහල්පති වරයා ලෙස පණිවිඩයක් ලබා දෙන්නට ලැබීම මා ලද සුවිශේෂි අවස්ථාවක් ලෙස සලකමි. අවුරුදු 140ක විද්‍යාලීය ඉතිහාසයක් ගන්දර ප්‍රදේශයේ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ මාර/ගන්දර විද්‍යාල මාතාවගෙන් බිහි වූ දරුවන් 1500ට අධ්‍යාපන විරියකි. ඔවුන් මේ රටට වැඩදායක පුද්ගලයින් ලෙස මහැඟි සේවයක් රට පුරා මෙන්ම ලෝකයේ විවිධ රටවල් වල සිට ඉටුකරති.
මේ සුවිශේෂි අවස්ථාවේදී ගන්දර මහා විදුහල් මාතාවගේ අවුරුදු 140ක ඉතිහාසය තුළදී විද්‍යාලය මෙහෙය වූ සියලුම විදුහල්පතිවරුන් මෙම දරුවන් යහමග යවන්නට තම ශ්‍රමය කැපකළ සියලුම ගුරු මහත්ම,මහත්මියන් ද අනධ්‍යන කාර්ය මණ්ඩලය ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. තව ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය,ශිෂ්‍යාවන්,සුබපතන්නන් මෙන්ම විද්‍යාලයේ සංවර්ධනයට දායක වූ සියලුම විදුහලේ සිසුන්ට ගෞරවයෙන් ස්තූති කරමි.
ගන්දර විදුහල් මාතාව සයිබර් අවකාශය ස්පර්ෂ කරන මේ
මොහොතේ විද්‍යාලීය ගුරු මණ්ඩලයට මෙන්ම වත්මන් සිසු දරු දැරියන් සියලු දෙනාට ම අමතක නොවන මොහොතක් වනු නොවනුමානයි. මෙම වෙබ් අඩවිය මගින් පාසල ලබා ගන්නා අධ්‍යාපන ජයග්‍රහණ,නව නිපැයුම්,දක්ෂතා හා විවිධ වූ ක්‍රියාකාරකම් හා පාසල අත් පත් කර ගන්නා විවිධ වටිනා කම් සඳහා ඉඩක් ලබා දෙනු ඇත.
මේ වෙනුවෙන් ඇප කැප වූ විද්‍යාලීය තොරතුරු හා තාක්ෂණ ගුරුතුමිය වන දීපා උදයාංගනී මහත්මිය ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ මෙම තාක්ෂණත්වයට උර දුන් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය හදාරන සියලුම සිසු දරු දැරියන්ටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමින් විදුහල් මාතාවට ජය ප්‍රාර්ථනා කරමි
ස්තූතියි...මාර /ගන්දර මහා විද්‍යාලය