-
01.පෙ.ව.7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
02.විශේෂ ප්‍රමාදයන් පිළිබඳ වාර්තා කළ යුතුය.
03.6-9 ශ්‍රේණි දක්වා ශිෂ්‍යයන් නිල් කොට කලිසම්,අත්කොට සුදු කමීසය ද (යටකර) ඇඳිය යුතුය.
04.10-13 ශ්‍රේණි දක්වා ශිෂ්‍යයන් සුදු දික් කලිසම් හා සුදු කමීසය ද (යටකර) ඇඳිය යුතුය.
05.ශිෂ්‍යයන්ගේ නිල ඇඳුම පාසලට ගැළපෙන පරිදි සකස් කර ඇඳිය යුතු අතර,ඉන පටිය තමාගේ වැලමිට සීමාවේ තිබිය යුතුය.
06.විදුහලට හා සිසුන්නට නොගැළපෙන පාවහන් හා ආභරණ පැළඳීමෙන් වැළකිය යුතුය.
07.පාසලට ගැළපෙන ලෙස කොණ්ඩය කපා පීරා සකසා ගෙන පැමිණිය යුතුය.
08.පාසලේ සීනුවට අවනත ව පාසල තුළ හැසිරිය යුතුය.
09.පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු වලට බාධා වන අනවශ්‍යය ශබ්ද කිරීම් හෝ කලහාකාරී ලෙස හැසිරීම් ආදියෙන් වැළකිය යුතුය.
10.පාසල තුළ දී කිසිම සිසුවෙකුට සිසුවියකට කිසිම අයුරකින්වත් පහරදීම්,බැණ වැදීම් නොකළ යුතුය.
11.පාසල් කාලය තුළ සේ ම විවේක කාලය තුළ දී පාසලින් පිටතට නොයා යුතුය.
12.සියලුම සිසුන් උදේ රැස්වීමට අනිවාර්යයෙන් ම සහභාගී විය යුතුය.
13.විදුහලට අගෞරවයක් සිදුවන ආකාරයෙන් හැසිරෙන සිසුන්ට විනයානුකූල ව කටයුතු කරනුු ඇත.
14.ගුරු භවතුන්ගේ නිවැරදිව මඟ පෙන්වීම්,උපදෙස්,අවවාද අනුශාසනා වලට අනුව ඉගෙනුම් කටයුතු නිසි ලෙස කළ යුතුය.
15.මෙම විනය නීති මාලාව අනුගමනය කොට යහපත් පුරවැසියෙකු වීම ගන්දර මහා විදුහල් මාතාවට කරන ඉමහත් ම ගෞරවය බව සිහි තබා ගත යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි