ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගෙ යටත් විජිතයක්ව පැවති සමයේ මොගෙන් කමිටු නිර්දේශයට අනුව 1882මාර්තු 02 වන දින ගන්දර පිරිමි පාඨශාලාව ආරම්භ වූයේ ස්වභාෂා පාසලක් වශයෙනි.පාඨශාලා ආරම්භයට පුරෝගාමියා වූයේ ඵම්.පී.ඩබ්ලිව්.ගුණසේකර මහතාය. අර්ධ ස්ථිර ගොඩනැගිල්ලක ළමයින් 50 ස් දෙනෙකුගෙන් යුක්තව පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රය ආරම්භ කළේය.ගුණසේකර මහතාගෙන් පසු පාඨශාලාවේ අධිපති වූයේ චාල්ස් කොර්නේලිස් යන මහත්වරු ගන්දර පිරිමි පාඨශාලාවේ මුල් ගුරුවරුන් ලෙස කටයුතු කර ඇත.මේ වන විට සිසුන් 94 දක්වා වැඩි වී ඇත.කොර්නේලිස් මහතාගෙන් පසු මේ සම්භාවනිය තනතුර සඳහා ආර්.කේ.ඇල්.ද සිල්වා මහතා පත්විය. මොහුගේ කාලය අධ්‍යාපන ඉතිහාසයට නව කාල පරිච්ඡේදයක් උදාකරමින් ළමුන් සංඛ්‍යාව 100ය දක්වා ඉහළ යන අතර නව උප ගුරුවරයෙකුද පත් විය.මෙතුමිගේ අකල් මරණයෙන් පසු 1900 මැයි මස 01 දා සිට ඵම්.ඩී.ගුණසේකර මහතා මුල්ගුරු ලෙස පත්විය. 1901 ජනවාරි 01 දා සිට කේ.ඇස්.පෙරේරා නමින් ක්‍රියාකාරී මුල් ගුරු මහතෙකු පත් විය.මෙම කාලයේ ළමුන් සංඛ්‍යාව 129-284 දක්වා වැඩි වු අතර උපගුරු සංඛ්‍යාව ද 1-3 දක්වා වැඩි වූ බව පෙනේ ඵයිුන් පසු මුල් ගුරු වූයේ ඇම්.ඩී. නේරිස් විජයවර්ධන මහත්මා ය. මෙතුමා 1907 අගෝස්තු 01 දා සිට 1908 ජූලි 31 දින දක්වා සේවය කර ඇති අතර ඉන් පසුව සි.ඩී.පලිහක්කාර මගින් මුල් ගුරුතුමෙකු බවට පත් විය.මොහුගේ කාලයද ගන්දර පාඨශාලාව උසස් දියුණුවක් ලබා ඇති අතර ළමයින් 268-408 දක්වා වැඩිවීමත් උපගුරුවරුන් 4 දක්වා වැඩි වීමත් දක්නට ලැබේ.1929 මාර්තු 01 දා ගන්දර පිරිමි පාඨශාලාව ද්වි භාෂා පාඨශාලාව බවට පත් වීම කාගෙත් අමන්දානන්දනයට හේතු වූවාට සැක නැත.
1931 දී පාඨශාලා හැරයාමේ විභාගයට ඉදිරිපත් කළ සිසුන් 05 ක් ම සමත්වීමෙන් පාසල සෑහෙන ප්‍රතිඵල ලබා ඇති බව පෙනී යයි.
1931 ජුනි 17 වන දින පී.ඩි.ඵස්.රත්නවීර විදාන ආරච්චි සහ වෛද්‍ය ඵ්.ඵල්.ද සිල්වා පොලිස් ඔෆිසර් යන මහත්වරුන් විසින් 45*20 ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමෙන් අධ්‍යාපනයට රුකුල් දී ඇත.
1932 වර්ශය වන විට වර්ග අඩි 2840ක් හා වර්ග අඩි 864 ක ගොඩනැගිලි දෙකකින් යුක්ත වූ බව පෙනේ.මෙම වර්ෂය වන විට තව තවත් පාඨශාලාවේ කටයුතු වල දියුණුවක් දක්නට ඇත.ශිෂ්‍යෝදය නමින් සඟරාවක්ද මුද්‍රණය කර සම්මාන ද පිරිනමා ඇත.1933 වර්ෂය වන විට ළමා කිරුළ නමින් අතින් ලියූ පත්තරයක් ද නිකුත් කර තමන්ගේ දක්ෂතා පෙන්වා දී ඇත.
1945 පෙබරවාරි 28 වැනි දායින් අති මහත් සේවය කළ මැන්දිස් මහතා ගන්දරට ආයුබෝවන් කීවේය.
1945 මාර්තු 01 දින සිට 1958 දෙසැම්බර් 31 දින දක්වා කාලයේ ඩී.ඇස්.වීරසූරිය මහතා විසින් මුල් ගුරු පුටුව මෙහෙයවන ලදි.ගන්දර ද්වී භාෂා පාඨශාලාවට,පාඨශාලා ගොඩනැගිලි දෙකක්ඉදිකිරීම වැදගත් සිදුවීමකි.ඵයින් දැනටත් පවතින පාර අයිනේම වූ ගොඩනැගිල්ල 1954 අගෝස්තු මස 31 වෙනි දින මහ විදානේ ගෞතමදාස ධර්මගුණවර්ධන චන්ද්‍රෙසේකර වීරසූරිය රාළහාමි විසින් සිය ධන වියදමින් පරිත්‍යාග කළ අතර ගන්දර මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව වූ වේදිකාව සහිත ශාලාව ආදි ශිෂ්‍යයන් විසින් පරිත්‍යාග කරන ලදි.
1959 ජනවාරි 01 දින සිට 1963 සැප්තැම්බර් 05 දක්වා කාලය කේ.ඵච්.පී.ඵදිරවීර මුල් ගුරුතුමා විසින් පාලනය කරන ලදි.ද්වි භාෂා පාඨශාලාව 1963 ජනවාරි 07 වන දා මහා විද්‍යාලයක් බවට පත් වූයේ ද මෙම වකවානුව තුළ දී ය. මෙතුමාගෙන් පසු 1963 සැප්තැම්බර් මස 06 දින සිට 1965 අප්‍රේල් මස 30 දින දක්වා කාලය ජේ.ඇස්.කමල සුරිය මහතා විසින් මුල් ගුරැ පුටුව මෙහෙයවනු ලැබිිය.ඒ.ජේ.බි.විමලසුරිය මහතා නව විදුහල්පති ලෙස පත්විය.දැනට මෙම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා පංති පැවැත්වෙන උසස් විද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ.
ආරම්භ කළ වර්ෂය |
1882. මාර්තු .02 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
50 |
මුල් ගුරුතුමාගේ නම |
පී.කේ.එල්. ද සිල්වා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
මාර/ ගන්දර මහා විද්‍යාලයේ |
පාසල රජයට පවරාගත් දිනය |
1882. මාර්තු .02 |
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |
{QF3=5}