![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ මෝගන් කමිටු නිර්දේශයට අනුව 1882 මාර්තු 02 වන දින ගන්දර පිරිමි පාඨශාලව ආරම්භ වූයේ ස්වභාෂා පාසලක් වශයෙනි.පාඨශාලව ආරම්භ කිරීමට පුරෝගාමියා වූයේ එම්.පි.ඩබ්.ගුණසේකර මහතාය.අර්ධ ස්ථිර ගොඩනැගිල්ලක් සිසුන් පනස් දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාඨශාලව පී.කේ.එල්. ද සිල්වා මුල් ගුරුතුමාගේ කාලයේ සිසුන් සියය දක්වා වර්ධනය විය.1929 මාර්තු 01 වන දින මෙම පාඨශාලව ද්විභාෂා පාසලක් බවට පත් විය.1968 ජනවාරි 07 වන දින මෙම පාසල මිශ්‍ර පාසලක් බවට පත් විය.